ගුරු දිනය සමරු ශ්‍රී මෙධානන්දයේ දරුවෝ....



ශ්‍රී මේධාන්නද දහම් පාසලේ දු දරුවන් ලෝක ගුරු දිනය නිමිත්තෙන් ගුරුවරුන්ට බුලත් හුරුල්ලක් දී වන්දනා මාන කර තමන්ට ශිල්ප ශාස්ත්‍ර ගුරුවරුන්ට කෘතගුණ දැක්විය. එහිදී ප්‍රධානාචාර්ය පුජ්‍යපාද පානදුරේ විජිතනන්ද නා හිමියන් දරුවන්ගෙන් ගුරුවරුන්ට ඉටු විය යුතු යුතුකම් පිලිබදව අනුශාසනාවක් ද කළ සේක.


දරුව නුබ.....
ගිය දිනෙක
සිප් ලබා ඉහලටම
මග තොටක
හමුවුවුවොත්
පයින් යන ගුරු
බැස ඇවිත්
දන ඔබා
දරුවන් කැටුව
මේ මගේ
ගුරුන් යැයි
වදින්නට
අමතක වුනත්......
දිවියේ ජය ලබන්නට
මග හසර
හෙළි කළ
ඇදුරු මමයි දියණියනි....
කියාදුනි නොරිදවා
අයෙකුගේ සිත්
දිවිගෙවන්නට
බෝසතුන් විලසින්....
කිමද පුත....
අද නුබ මා
නොදුටුවා සේ
ගුරුටත් කලින්
වියපත් වුනිද නුබ....