පිරිවෙන් පෙළ පොත් - සංස්කෘත මුලික

පිරිවෙන් අධ්‍යාපනය සදහා නියමිත සංස්කෘත භාෂාව මුලික ශ්‍රේණියේ පෙළ පොත PDF ක්‍රමයට බා ගතකරගන්න.

අවුරුදු උදානය 2017

පාලි ව්‍යාකරණ


ශ්‍රී ලංකාවේ ප්‍රථම දහම් පාසල කුමක්‌ද?

අද මුළු මහත් ශ්‍රී ලංකාව පුරාම දහම් පාසල් අධ්‍යාපනය විවිධ මට්‌ටමින් දියුණු වී ඇත.

ශ්‍රී ලංකාවේ දහම් පාසල් අධ්‍යාපනයේ මුල්ම දහම් පාසල කවරේද යත් දැනගැනීම අපට ඉතාමත් වැදගත් වන්නේය.

ශ්‍රී ලංකාවේ මුල්ම දහම් පාසල කවරක්‌ද යන්න පිළිබඳව විවිධ මතිමතාන්තර පවතී. 1970 වර්ෂයේ සංස්‌කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ පරීක්‍ෂණයට අනුව සමස්‌ත ලංකා දහම් පාසල් දිනය වශයෙන් අගෝස්‌තු 03 වැනි දින සම්මත කරගන්නා ලද්දේ 1895 අගෝස්‌තු 03 වැනිදා ගාල්ලේ විජයානන්ද දහම් පාසලේ ආරම්භ දිනය වශයෙන් සලකාය.

ඇමරිකානු ජාතික කර්නල් හෙන්රි ස්‌ටීල් ඕල්aකොට්‌තුමන් සහ රුසියානු ජාතික හෙලේනා පැට්‌ට්‍රොව්නා බ්ලැවැස්‌කි මැතිනියත් යන පරම විඥනාර්ථවාදී පුරෝගාමීන් දෙදෙනා 1880 මැයි 17 වැනි දින ගාලු වරායෙන් දිවයිනට පැමිණ මැයි 19 වැනි දින ගාල්aලේ විජයානන්ද විහාරස්‌ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අක්‌මීමන ධර්මාරාම හිමියන් වෙතින් තිසරණ සහිත පන්සිල් සමාදන්ව බෞද්ධයන් වූහ.

ඕල්කොට්‌තුමාගේ පුරෝගාමිත්වයෙන් මෙරට ඇති වූ බෞද්ධ අධ්‍යාපනයේ එක්‌ ප්‍රමුඛ අංශයක්‌ වූයේ ඉරු දින දහම් පාසල් සේවාවයි.

1980 කොළඹ පරමවිඥනාර්ථ බෞද්ධ සංගමය පළ කළ සියවස්‌ සැමරුමේ සඳහන් වන්නේ 1881 පෙබරවාරි 13 වැනිදා මැලිබන් වීදියේ නො. 54 දරන නිවසේ පළමු දහම් පාසල ආරම්භ කළ බවකි. එහෙත් ගුරුවරුන්ගේ හිඟය නිසා මෙය වැඩිකල් පවත්වාගත නොහැකි විය.

1884 සී. ඩබ්ලිව්. ලෙඩ්පීටර් මහතා හා සී. දොන් බස්‌තියන් යන දෙදෙනා එක්‌ ඉරිදා දහම් පාසල් ව්‍යාපාරය කරගෙන ගියද එයද අඛණ්‌ඩව කරගත නොහැකි විය.

1978 දී කොළඹ ආනන්ද විද්‍යාලය මගින් පළ කළ 'ආනන්ද' නම් කලාපයේ සඳහන් වන්නේ '1886 නොවැම්බර් 01 දා මැලිබන් වීදියේ නො. 61 දරන ස්‌ථානයේ බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව ආරම්භ කළ බවයි. අද එය ආනන්දයයි. සී. ඩබ්ලිව්. ලෙඩ් පීටර් මහතා ප්‍රථම විදුහල්පති විය. ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 37 කි. මෙහි ගුරුවරුන්ට බුද්ධ ධර්මය ඉගැන්වීය." දක්‌වන ලද සියල්ලම අද පවත්නා ඉරු දින දහම් පාසල් සේවාව වැන්නක්‌ නොවේ.

1991 දී අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පළ කළ ආචාර්ය ආනන්ද ගුරුගේ මහතාගේ සංස්‌කාරකත්වයෙන් පළ කළ "ධර්මපාල ප්‍රතිරාවය" 356 පිටුවේ මෙසේ සඳහන් වේ.

"මම සෙන්පතිතුමාගේ රියෙන් බටහිර පළාතේ ගමින් ගමට යමින් අධ්‍යාපන ව්‍යාපාරය ජනප්‍රිය කරවීම සඳහා දේශනා පැවැත්වීමි. මේ වන විට ලෙඩ් පීටර් මහතා සිය ඉරුදින පාසල් කොළඹ අරඹා තිබිණි.

මෙහි එන ධර්මපාල තුමාගේ කියමනේ ද පැහැදිලි වන්නේ දහම් පාසල් සේවාවේ ආරම්භය නොව ආනන්ද විHdලයේ ආරම්භය ගැනයි.

1893 ජුනි මස 8 වැනි දින "ලක්‌මිණි පහන" පුවත්පතේ පුවත් සිරස්‌තලය සඳහන් වූයේ බුද්ධාගම ඉගැන්වීම ගැනය. "කුඩා දරුවන්ට ඉරිදා දිනවල බුද්ධාගම ඉගැන්වීම පිණිස කොළඹ හැරිසන් මහතා උස්‌තැන්නේ නිවසේම පිහිටුවන ලද පාඨශාලාව මේ 9 ඉරිදා පිහිටුවන අපරභාගයේ පවත්වනු ලැබේ. මේ සඳහා අවස්‌ථාව හික්‌කඩුවේ නායක හිමියන් ඇතුළු ගිහි පැවිදි පිරිසක්‌ සහභාගි වන බවයි."

දැනට වාර්තා වන අන්දමට ශ්‍රී ලංකාවේ විධිමත් මුල්ම ඉරුදින දහම් පාසල වන්නේ 1895 අගෝස්‌තු 03 දා ඇරඹි විජයානන්ද දහම් පාසල බව තහවුරු වේ.

දහම් පාසල් සේවාවද ඕල්කට්‌තුමා ඇතුළු පිරිස මෙරටට ඇති කළ බෞද්ධ පුනර්ජීවනයේම එක්‌ අංගයකි. මෙකල පළ වූ "ලක්‌මිණි පහන", "සරසවි සඳරැස්‌" ආදී පුවත්පත් පරීක්‍ෂා කරන විට ඕල්කොට්‌තුමා, ධර්මපාල ආදීන් නොයෙකුත් තාඩන පීඩන මැද ගෙන ගිය අරගලය මනාව පැහැදිලි වේ.

ඕල්කොට්‌තුමාගේ දිනපොතේ 143 පිටුවේ මෙවැනි සඳහනක්‌ ඇත.

"මගේ සිතට වැදගත් අදහසක්‌ පහළ විය. බෞද්ධ ළමයින් ඔවුන්ගේ හැම විහාරස්‌ථානයකම විශේෂ දිනවල බෞද්ධාගම උගත යුතුය. ක්‍රිස්‌තියානිවරු තම දරුවන්ට පල්ලියේ තම ආගම උගන්වන සේ බෞද්ධයන් එසේ නොකරන්නේ මන්ද?

ඉරු දින දහම් පාසල් ඇතිකිරීමේ චින්තන පදනම ඕල්කොට්‌තුමාගේ චින්තනයේ හරය වූ බව පෙනේ. ගාල්ලේ විජයානන්ද දහම් පාසල 1895 අගෝස්‌තු 03 වැනි දින ඇරඹි නමුත් එය අඛණ්‌ඩව පවත්වාගෙන යැම සඳහා "විජයානන්ද සභාව" නමින් සභාවක්‌ ඇතිකරන ලදී.

1889 ඇරඹි විජයානන්ද දහම් පාසල විහාරාධිපති පයාගල සිරිසුමනතිස්‌ස හිමියන්ගේ අභාවයත් දහම් පාසල ඇරඹූ ඩී. කේ. සුබසිංහ මහතා කොළඹට මාරු කිරීමත් නිසා දහම් පාසල නවතා දමන ලදී.

පසුව 1895 අගෝස්‌තු 03 වැනි දින විහාරාධිපති පූජ්‍ය ඇගුලපොල ජිනරතන ස්‌වාමීන්වහන්සේ විසින් නැවතත් දහම් පාසල ආරම්භ කරන ලදී.

ආරම්භයේදී සිසුන් 75 ක්‌ පමණ සිටි දහම් පාසල ක්‍රමයෙන් 15 දක්‌වා අඩු විය. මේ සම්බන්ධයෙන් කලකිරුණු විහාරාධිපති හිමියන් සහ ක්‍රියාකාරීන් සාකච්ඡා කොට රැස්‌වීමක්‌ කැඳවීය. එහිදී "විජයානන්ද" නමින් සභාව පිහිටුවිය. ප්‍රධාන අනුශාසක ධුරයට පූජ්‍ය ඇහැලේපොළ ජිනේරය හිමි ද සභාපති ධුරයට එස්‌. ඒ. ජයසුන්දර ලේකම් ජී. සමරකෝන්, උපලේකම් ඊ. එච්. තෙබේරිස්‌ සිල්වා ද 10 දෙනකුගෙන් යුත් කාරක සභාවක්‌ ද පත්කර ගන්නා ලදී.

මෙසේ ඇරඹි දහම් පාසල ක්‍රම ක්‍රමයෙන් දියුණු විය. මුලදී ගුරුවරු 4 දෙනකු ඉගැන්වීමේ කටයුතු කළ අතර සිසුන් 40-50 අතර ප්‍රමාණයක්‌ විය. ඉරිදා දින උදේ 8 සිට 10 දක්‌වා බුද්ධ ධර්මය සිසු අවබෝධය ආදි ගෝලයන් ඉගැන්වීම් කරන ලදී. වසරින් වසර ප්‍රභාවය කරා ගිය දහම් පාසල විවිධ ප්‍රභූන් විසින් ආධාර උපකාර කරනවා වූ අතර දරුවන්ට ත්‍යාග දීම විවිධ තරග පමණක්‌ නොව විභාග පරීක්‍ෂණ ද පවා පැවැත්විණි. වාර්තාවල සඳහන් වන පරිදි විවිධ පංති යටතේ ඉගැන්වීම් කෙරුණු අතර ළමුන් 700ක්‌ පමණ දහම් පාසලට සහභාගි වූ බව දැක්‌වේ.

විජයානන්ද සභාව ක්‍රම ක්‍රමයෙන් පුළුල් සංවිධානයක්‌ බවට පත්විය. බොහෝ දෙනා එයට සම්බන්ධ වීමට පෙලඹිණි.

ඉතා ක්‍රමානුකූල මුදල් පාලනයක්‌ හා විධිමත් බව නිසා විජයානන්ද සභාව ශක්‌තිමත් වූ අතර ඒ නිසාම විජයානන්ද දහම් පාසල ද දියුණුවෙන් දියුණුවට පත්විය. එහි ප්‍රතිඵලය වූයේ 1895 දී ඇරඹි විජයානන්ද දහම් පාසල මවු දහම් පාසල ලෙස සලකා ශාඛා දහම් පාසල් 04 ක්‌ පිහිටුවීමයි. 1901 වර්ෂය වන විට ඒවා නම්,

1. දේවතුර මාගල්ලේ සුධර්මාරාම දහම් පාසල

2. මිනුවන්ගොඩ පරමානන්ද දහම් පාසල

3. ගල්වඩුගොඩ පරම විඥන දහම් පාසල

4. මාතලේ කූඹියන්ගොඩ විද්‍යානන්ද දහම් පාසල වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධිමත් ඉරු දින දහම් පාසල වූ ගාල්ලේ විජයානන්ද ඉරුදින දහම් පාසලේ ප්‍රධානාචාර්යවරු පිළිබඳ සටහනක්‌ තබමි.

1. ඩී. ඡේ. සුබසිංහ මහතා - 1889 සිට වසර කිsහිපයක්‌

2. බදුල්ලේ ඥානවිලාන හිsමි - 1895-1914 දක්‌වා

3. බී. ජී. පියදාස සිරිසේන මහතා - 1915-1934 දක්‌වා

4. ඩී. ජයසිංහ මහතා - 1935-1949 දක්‌වා

5. එච්. ජයසිංහ මහතා - 1950-1962 දක්‌වා

6. පණ්‌ඩිත ගාල්ලේ ඥණානන්ද නාහිමි - 1963-1983 දක්‌වා

7. ශාස්‌ත්‍රපති නාකියාදෙනියේ ඥනතිස්‌ස හිමි - 1963 සිට

ශ්‍රී ලංකාවේ ප්‍රථම දහම් පාසල ආරම්භ කිරීමේ පුරෝගාමී මෙහෙවර කරන ලද්දේ අක්‌මීමන ධර්මාරාම හිමි, පයාගල සිරි සුමනතිස්‌ස හිමි, හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, ඇහැලේපොල ජාකොරොස්‌ හිමි, සෙන්පති හෙන්රි ස්‌ටිල් ඕල්කොට්‌, අනගාරික ධර්මපාලතුමා ආදී ප්‍රභූන් රැසක්‌ මුල් වී ක්‍රියා කළ බව සඳහන් කරමි.


DOWNLOAD AS PDF FILE

මතු පරපුර සරු කරන්නට දහම් පාසල් අධ්‍යාපනය

දහම් අධ්‍යාපනය යනු බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවැරදි මාර්ගය නොහොත් පිළිවෙත අධ්‍යයනය කිරීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ලෞකික ජීවිතයේ දී කුමන ආකාරයෙන් අ‍ෙප් ජීවිතයට සම්බන්ධ වන්නේද යන්න පිළිබඳ විමසා බැලිය යුතු ය. එහිදී දහම් අධ්‍යාපනයේ ඇති වැදගත්කම හා එහි ඇති වටිනාකම තුලනය කිරීමට ගතහැකි මිනුම් දණ්ඩ ලෙස යොදා ගනු ලබන්නේ පුද්ගල විපර්යාසයයි.


ආත්මෙන් ආත්මෙට ගමන් කරන පුද්ගල පුරුදු වෙනස් කිරීම අපහසු කාර්යයක් වුවද, එය ධර්මය තුළින් වෙනස් කිරීමට පුළුවන්කමක් ඇත. එය අධ්‍යාපන රටාවකට අනුව පාඩම් මාලාවකින් සිත් වලට කා වැද්දීමට උත්සාහ කිරීම දහම් අධ්‍යාපනයේ පරමාර්ථයයි‍. දහම් අධ්‍යාපනයක් අවශ්‍ය වන්නේ නොමඟ ගිය පිරිස් සුමගට ගැනීම සඳහාය. එය බුදුන් දවසද සිදුවිය.


උපතින් පුද්ගලයා ප්‍රභාස්වර වුවද, ක්‍රම ක්‍රමයෙන් වැඩි වියට පත් වීමත් සමඟ ආගන්තුකව එන ක්ලේශ ධර්මයන් නිසා පුද්ගලයා වෙනසට බඳුන් වේ. ඕනෑම පුද්ගලයෙක් රාග, දෝෂ, මෝහ, ශ්‍රද්ධා, බුද්ධි විතක්ක යන චරිත හයෙන් එකකට හෝ කීපයකට හසු වේ. ඒ අනුව සලකා බැලීමෙන් වුවද දහම් අධ්‍යාපනික වටිනාකම තහවුරු වේ.


වර්තමානයේ දහම් අධ්‍යාපන‍යෙන් සිදුවන සේවය කියා නිම කළ නොහැකිය. දහම් අධ්‍යාපනය පුළුල් වශයෙන් දියත් කිරීම උදෙසා දහම් පාසල් ක්‍රමය ආරම්භ විය. ඒ සඳහා පළමු දහම් පාසල ආරම්භ කරන ලද්දේ 1895 අගෝස්තු මස 03 වන දින, ගාල්ල වැලිවත්තේ විජයානන්දාරාමයේ දී, ඇමරිකන් ජාතික ඕල්කට්තුමා හා රුසියන් ජාතික බ්ලැවැස්ට්කි යන දෙපලගේ ප්‍රධානත්වයෙනි.


දහම් පාසල් ආරම්භයත් සමඟම මෙරට අධ්‍යාපන කේෂ්ත්‍රයේ විපර්යාසයක් සිදු විය. එනම් මෙතෙක් පැවැති පාසල් අධ්‍යාපනය මඟින් මොළය දියුණු කළ ළමයා ඊට පසු හදවත දියුණු කිරීමටද පුරුදු වීමය. දම් සිසිල ළමයාගේ හදවතට ලබා දීමට පන්සල තුළම දහම් පාසල බිහිවීම ලක් වැසියා ලද සදාචාරාත්මක දියුණුවක ප්‍රගතියයි. “අධ්‍යාපනය යනු ජීවත් වීමේ ක්‍රියාවලියක් මිස අනාගත ජීවිතය සඳහා ජීවත් වීමක් නෙවේ” යන ‍ෙජාන්ඩිව් නම් වූ අධ්‍යාපනඥයාගේ මතයට සාපේක්ෂව දහම් පාසල් අධ්‍යාපනය ද ප්‍රායෝගික වශයෙන් ජීවිතයට සම්බන්ධ කර එයින් නිවැරදි ගමන් මඟ පාදාදීමක් සිදුකර දී ඇත.


දහම් පාසලක් තුළින් මූලික විෂය කරුණු ඉගැන්වීමක් සිදු නොකරන අතර, පුද්ගලයා හික්මවා, ගුණ ගරුක චරිතවත් කෙනෙකු බවට පත්කරවන හෙවත් චරිත සංවර්ධනයක් සිදු කරන මධ්‍යස්ථානයක් බව පළමුව සිහියට නගා ගත යුතුව ඇත. ඒ සඳහා බුද්ධ චරිතය, ජාතක කථා මාලා හා ආදර්ශවත් චරිත මත පදනම් වූ විෂයානුබද්ධ කරුණු උපයෝගී කරගනු ලැබේ. එය සෑම දරුවෙක්ම දැරියක්ම ලබාගත යුත්තේ ළමා මනස ගුණ ධර්ම පහන් සංවර්ධනය කර ගැනීම ‍උදෙසාය.


බුද්ධිමත්ව සිතාබලා හදවතින් ක්‍රියාකළ හැකි උත්තරීතර සත්පුරුෂයෙකු සමාජයට දායාද කර දීමේ වගකීම අද දහම් පාසල් තුළින් ඉහළ මට්ටමකින් සිදු වන ආකාරය දැකීම සතුටට කරුණකි‍. එහිදී සමාජය, රට ලෝකය ගමන් කරන ආකාරය දෙස බලා දහම් අධ්‍යාපනය අවතක්සේරුවට පත් නොකළ යුතුය. දහම් අධ්‍යාපනය නොලැබූ ළමයාගේ ස්වභාවය වන්නේ දෙමාපියන්, වැඩිහිටියන්, මහණ බමුණන් නොහඳුනන යුතුකම් ඉටු නොකරන, ආත්මාර්ථකාමී ලොවක් තුළ අගතිගාමීව ඔහුගේ ගුරුවර, දෙමාපියන් හා ඥාතීන් මෙන්ම තමාගේ අභ්‍යන්තරයද හඬවමින් දිවි ගෙවීමය. එනමුදු දහම් අධ්‍යාපනය ලබන දරුවා උතුම් වූ ප්‍රතිපදා මාර්ගයක් නිසි කළ සිට හදවත තුළට කාවද්දාගෙන ඒ තුළින් පෝෂණය වී හාත්පසම සුගන්ධවත් කරවන පියුමක් විලසින් දිවි ගෙවනු ඇත.


වත්මන් සමාජ තත්ත්වය දෙස බැලීමේ දී ළමා පරපුර යොමු වන පරිසරය කුමන ආකාරයක එකක්ද යන්න පිළිබඳ හොඳ අවබෝධයකින් සිටීමත්, එවැනි ළමා පරපුරට දහම් අධ්‍යාපනයේ වටිනාකම පහදා දීමත් වැඩිහිටියන්ගේ බලවත් යුතුකමකි.‍ එහිදී කුමන ආකාරයේ සිතුම් පැතුම් හැඟුමන් ඇති අය සමඟද බාල පරපුර මිත්‍ර වී සිටිනුයේ යන්න ගැන සැළකිලිමත් වීම වැදගත් වේ.


“අප වී අහුරක් අතට ගෙන යම් ප්‍රදේශයකට විසිරී යන අයුරින් විසිකර දැමුවහොත් ප්‍රතිඵලය කුමක් වනු ඇද්ද,? කටුපඳුරු වැනි වනලැහැබකට වැටුණු වී ඇට අසාර්ථක වර්ධන උත්සාහයක් ගන්නා බවද, ගල්මත වැනි තැන්වල වැටුණු වී ඇට ‍ෙබාල් වී ගොස් විනාශ වන අයුරුත් තරමක තෙත් සහිත තණ මත වැටුණු වී ඇට තරමක වර්ධනයක් ගන්නා අයුරුත්, මඩ සහිත සුදුසු තැනකට වැටුණු වී ඇට සාර්ථකව වැටී පැළවෙන අයුරුත් ද, දැකගත හැකියි‍.”


මෙම කරුණු පිළිබඳ විමසා බැලීමේ දී ළමා පරපුර යෝග්‍ය සුදුසු පරිසරයකට යොමු කළ යුතුව තිබෙන්නේ එය රටක අරමුණක් හැටියට බුද්ධිමත් ගුණ ගරුක උතුම් දරුවෙකු බිහිකර ගැනීමේ අවශ්‍යතාවය නිසාවෙනි.


ළමා මනස තුළ හැමදෙයක් කෙරෙහිම ආදරයක්, සුබවාද‍ී ආකල්පයක් ඇතිවන අයුරින් ක්‍රියාකිරීම දහම් ගුරුවයාගේ වගකීම හා යුතුකම වන්නේය. ඔවුන් තුළ දැනුම ආකල්ප කුසලතා ඇතිවන අයුරින් ක්‍රියා කළ යුතුව ඇත්තේ ඉතා සැලකිල්ලෙන් හා ඉවසීමෙන් බව මතක තබාගත යුතු කරුණකි.


කුමන අවස්ථාවකවත්, ළමා මනස තලා පෙලා දැමීම නුසුදුසු වේ. දඬුවම් කිරීම නොකළ යුතු වුවද අවශ්‍ය තැනක දී මානුෂික දඬුවම් ක්‍රමද කළ යුතුව ඇත. තිලමුට්ඨි ජාතක කතා වැනි දේවල් තුළින් මෙහි ගුණ අගුණ කියාදීමට පුළුවන. මිනිසා තුළ ආදරය හා විශ්වාසය නැති වී යන විට ළමා මනස අපවිත්‍ර වීමේ ප්‍රවණතාවය වැඩි බව සිහියේ තබාගත යුතුය. එතුළින් සිදුවන්නේ අසහනකාරී ලොවකට ළමා මනස පත් කිරීමය. එනිසා ළමා පරපුරට ප්‍රධාන වශයෙන් ආදරය අවශ්‍ය වේ. ඔවුන්ට ආදරය කරන්නේ වැඩිහිටියන් පමණක් නොව දෙවියන් බඹුන් හා සතුන් ඇතුළු ජීව ලෝකයද ගස්වැල් වැනි ආජීව ලෝකයද දරුවන්ට ප්‍රතිචාර දක්වනු ඇත.


නුග ඇටය කොතරම් පුංචි වුවත් එයින් නිර්මාණය වන වෘක්ෂය මොනතරම් විශාලද? එයට හේතුව එතරම් ගසක් බිහි කිරීමේ ජීව ශක්තියත්, ගුණයත් එහි තිබීමය. ඒ ආකාරයෙන් ළමා මනසත් හඳුනාගෙන එම ජීව ශක්තිය ප්‍රගුණ කළ යුතුයි. එය දහම් ගුරුවරයා සතු ප්‍රබල සාධකයකි. ඉපැරණි සමාජය තුළ ගුරුවරයාට දේවත්වයෙන් සැලකුවේ ද මෙකී උදාරත්වයන් ඉලක්ක කර තිබූ බැවිනි.


දහම් අධ්‍යාපනයේ දී දරුවා ක්‍රමක්‍රමයෙන් මානසික සංවර්ධනයක් ඇති කර ගනු ඇත. පාසලේ දී විද්‍යාව, තාක්ෂණය, ගණිතය වැනි මූලික විෂය ධාරාවන් ප්‍රගුණ කරනු අතර, දහම් අධ්‍යාපනයේ දී කරුණාව, දයාව, මෛත්‍රිය, සත්වයාටම යහපත පිණිස පවතින උතුම් මානුෂික ගුණාංග වඩා වර්ධනය කරගනු ඇත. ම :නි: ගණන මොග්ගල්ලාන සූත්‍රයට අනුව පුද්ගලයෙකු අභිවෘද්ධිය සලසා ගත යුත්තේ ක්‍රමක්‍රමයෙන් ය. එය “අනුපුබ්බි සික්ඛා, කිරියා, පටිපදා” යනුවෙන් දේශනා කොට ඇත.


විශේෂයෙන් අද දහම් අධ්‍යාපනයට ලැබී ඇති වටිනාකම මීට වඩා වැඩි දියුණු කළ යුතුය. ඒ සඳහා ඉරිදා වැනි දිනය තුළ ටියුෂන් නවතා ළමයින් දහම් පාසල් වලට යොදවන නෛතිකමය ක්‍රමයක්ද ඇති විය යුතුය. එලෙසම දහම් අධ්‍යාපනයට තව තවත් නැඹුරුවීමේ දේශනා ක්‍රම ඇති කළ යුතුය. එහිදී ළමයින්ට දොස් පැවරීමට වඩා දෙමව්පියන්ගෙන් විය යුතු වගකීම නිසියාකාරව ඉටුවන්නේ ද යන්න පිළිබඳ සිතිය යුතුය. සතියකට එක දිනයක් පමණක් පවතින දහම් පාසලට තම ළමයා යවා තම දරුවා දහම් අධ්‍යාපනයකට හුරු කිරීමට අපොහොසත් වන දෙමව්පියන් ඒ ගැන පසුතැවිලි විය යුතුය.


අද ළමා පිරිස රැල්ලට ගසාගෙන යාමක් සිදුවී ඇති අතර, එතුළින් ගුණධර්ම, සදාචාරය, සභ්‍යත්වය ආදිය පිරිහීමකට ලක්වී තිබේ. දහම් පාසලක් ආරම්භ කිරීමක් යනු හිර ගෙදරක් වැසීමක් වැනිය. මේ ආදී කරණු සිහියට ගෙන දෙමාපිය, ගුරුවරු, වැඩිහිටි පමණක් නොව සමාජයේ වගකිවයුතු සෑම අංශයකම පිරිස් දහම් අධ්‍යාපනය හා ළමයා පිළිබඳ මීට වඩා වගකීමකින් කටයුතු කළ යුතු බව මතක් කිරීමට කැමැත්තෙමි.

DOWNLOAD AS PDF FILE

දහම් පාසල් අධ්‍යාපනයේ පරමාර්ථය පිරිපුන් මිනිසෙක්

බුදුදහම යනු සැබවින් ම බුද්ධිගෝචර ආගමකි. ජීවිතය යහපත් ව ජය ගැනීම උදෙසා එමගින් ලැබෙන පිටිවහල අතිමහත්ය. බුදුදහම සියලු දෙනාටම සමානාත්මතාවයෙන් සැලකීම එහි ඇති සුවිශේෂීත්වයකි. එ නිසා කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වාම එහි අවධානය යොමු වේ. ඒ අතරින් දරුවා හට බුදුදහම විශේෂ සැලකිල්ලක් දක්වනු දැකිය හැකි වේ. එම නිසාම බුදුන් වහන්සේ මිනිසාට ඇති උතුම් ම වස්තුව දරුවා ය, ‘පුත්ථා වත්ථු මනුස්සානං’ යනුවෙන් දේශනා කළ සේක. එබැවින් කුඩා කල පටන්ම ධර්මය, දරුවාට සමීප කළ යුතු බව මෙමඟින් පැහැදිලි වේ. මෙවන් කර්තව්‍යයන් සිදු කිරීම උදෙසා බොහෝ ආයතන වත්මන් සමාජය තුළ පිහිටුවාගෙන තිබේ. ඒ අතරින් ධර්මය අඩංගු පුස්තකාලයක් බඳු දහම් පාසල මෙහිලා අමතක කළ නොහැකිය.

දහම් පාසල් පෙළ පොත්


මා පිය වන්දනාව 2016

අපේ දහම් පාසලේ මාපිය වන්දනාව මේ මාසේ 24 වැනිදා සිද්ධකරන්නට යෙදුණි. අපි අපේ දෙමාපියන්ට හැමදාමත් ආදරෙන් සලකමු.

2016 නව වසරේ දහම් පාසැල ආරම්භ කරමින්

හැමෝටම සුභ නව වසරක් වේවා කියල ආයෙත් මේ අවුරුද්දේ මේ වැඩේ පටන් ගත්තා. හැමෝගෙම ශක්තියත් එක්ක මේ ගන්න උත්සාහය රට, දැය, සමයට වැඩ දායි පුතුන් හදන්නට මිස පුද්ගලික ලාභයකට නම් නොවේ. අපි වැඩකරමු අපේ මාතෘ භුමිය වෙනුවෙන්....

දහම් පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවය 2016

අපේ දහම් පාසලේ 2015 වසරේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවය මෙම මස 20 වැනි ඉරිදා දින සිදු කෙරුනි...


ආදර්ශ ප්‍රශ්න පත්‍ර (දහම් පාසැල්) Pass papers (Dhamma school)

දහම් පාසැල් ආදර්ශ ප්‍රශ්න පත්‍ර  ඔබගේ දහම් පාසලේ කටයුතු සාර්ථක කරගැනීමට උපකාරයක් වශයෙන් අප දහම් පාසලේ මෙම වසරේ පසු ගිය ප්‍රශ්න පත්‍ර ඔබ සමග බෙදා ගන්නට සිතුවෙමු. ගැටළු ඇත්නම් comment එකක් දාන්න.

මෙතනින් ZIP file එක බාගත කරගන්න.

වැඩිහිටි නිවාසයේ දානය 2015

ශ්‍රී මෙධානන්දයේ දරුවෝ සෑම අවුරුද්දක පාහේම වැඩිහිටි නිවාසයකට දානයක් පුජා කරනවා. මේ වසරේදීත් අපි හැමෝමත් එක්කම පානදුරේ පින්වත්තේ ආලෝකා වැඩිහිටි නිවාසයට දානයක් දුන්නා.

.