ශ්‍රී මේධානන්ද දහම් පාසලේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව 2014



ශ්‍රී මේධානන්ද දහම් පාසලේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව පසුගිය මස (සැප්තැම්බර් ) 07 වන ඉරු දින හිමිදිරි පාන්දරින් අප දහම් පාසලින් පිටත් වුණි. අප ප්‍රථමයෙන්ම ලගා වුයේ මාතර විෂ්ණු මහා දේවාලයටයි. රාම රාවනා යුගයටත් වඩා ඉතිහාසයක් ඇති ඒ දේව භුමිය නැරබු අපි වෙහෙරහෙන විහාරය වැදපුදගත්තෙමු. පසුව වැව්රුකන්නල පුදබිමත් මාතර තාරකා කොටුවත් බලාගත්තෙමු.  පසුව අපි හෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය නරබන්නට ගියෙමු. පසුව ගාලු කොටුවට පිවිසි අපි තේ පැන්සන්ග්‍රහයක් භුක්ති විද ගතේ වෙහෙස නිවාගත්තෙමු. නැවත සතුටු සිතින් අපි සැවොම පානදුර බලා පිටත් වුනෙමු.