පාලි ඉගෙන ගන්න

අක්ෂර විභාගය.

ස්වර (ප්‍රාණාක්ෂර) අක්‍ෂර 8 කි. එනම්

අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඔ

ව්‍යඤ්ජන (ගාත්‍රාක්ෂර) අක්‍ෂර 33 කි.
ක, ඛ, ග, ඝ, ඞ
ච, ඡ, ජ, ඣ, ඤ
ට, ඨ, ඩ, ඪ, ණ
ත, ථ, ද, ධ, න
ප, ඵ, බ, භ, ම
ය, ර, ල, ව, ස, හ, ළ, අං


පාලි භාෂාවේ අක්ෂර 41 කි.

පාලි භාෂාවේ ව්‍යඤ්ජන අක්ෂර 33 ට ස්වර අක්ෂර 8 එක් වූ විට විවිධ රූප ගනි යි.  ක් ව්‍යඤ්ජන අක්ෂරයට ස්වර අකුරු 8 එක් වූ විට මෙසේ යි.

ක් + අ  = ක            ක් + උ = කු
ක් + ආ = කා           ක් + ඌ =කූ
ක් + ඉ = කි             ක් + එ = කෙ
ක් + ඊ = කී             ක් + ඔ =කො

  • ඇතැම් තැනක.

ක් + ඒ  = කේ
ක් + ඕ  = කෝ

නාම පද

  1. පුඤ්ඤං - පින
  2. පුප්ඵං - මල
  3. දීපං - පහන
  4. ධාතුමන්දිරං - ධාතුමන්දිරය
  5. මොක්ඛං - මොක්ෂය
  6. අටඨංගසීලං - අටසිල්
  7. දසසීලං - දසසිල්
  8. පොත්ථකං - පොත
  9. කුමාරො - කුමාරයා
  10. ගෙහං - ගෙදර
  11. සොමපාලො - සෝමපාල
  12. රුක්ඛං - ගස
  13. පිතා - පියා
  14. මාතා - මව
  15. සා - ඈ
  16. මිත්තෝ - මිත්‍රයා
  17. පාඨං - පාඩම
  18. පාපං - පාපය
  19. ධමමසාලං - ධරමශාලාව
  20. ජේතවනං - ජෙතවනය

ක්‍රියා පද

  1. ලභසි - ලබයි
  2. හරසි - ගෙනයහි
  3. කරොසි - කරහි
  4. ගණ්හාසි - ගනිහි
  5. උපසංකමති - ළගට එළඹෙයි/පැමිණෙයි
  6. භාසති - කියයි
  7. දෙසෙති - දේශනාකරයි
  8. පතිගණ්හාති - පිළිගනියි
  9. පඨති - පාඩම් කරයි
  10. විහරති - වැඩ වසයි/වාසය කරයි
  11. ඔභාසෙති - බබළයි

සර්වනාම පද

  1. ත්වං - නුඔ/ ඔබ
  2. තුම්හේ - නුඔලා/ ඔබලා
  3. සො - ඔහු
  4. තෙ - ඔවුහු

පාලි - සිංහල ශබ්ධකොශය.

  1. අකත, අකට. - නොකළ, නොසැදු
  2. අකතඤ්ඤු - කෙළෙහි ගුණ නොදත්, අකෘතඥ
  3. අකම්පිය - සෙලවිය නොහැකි
  4. බුද්ධං - බුදුරජාණන් වහන්සේ
  5. ධම්මං - ධර්මය
  6. සංඝං - සංඝයා/සංඝරත්නය
  7. සරණං - පිහිට
  8. සීලං  -සීලය
  9. පඤ්චසීලං - පන්සිල්
  10. චේතියං - චෛත්‍යය
  11. බොධිං - බෝධිය
  12. දාඨාදාතුං - දළදා වහන්සේ
  13. පණ්ණසාලං - පන්සල
  14. ධම්මපාඨසාලං - දහම් පාසල
  15. ගච්ඡාමි - යමි
  16. සමාදියාමි - සමාදන් වෙමි
  17. රක්ඛාමි - රකිමි
  18. වන්දාමි - වදිමි
  19. සුණාමි - අසමි
  20. පූජේමි - පුදමි
  21. අහං - මම
  22. මයං - අපි
  23. පුඤ්ඤං - පින
  24. පුප්ඵං - මල
  25. දීපං - පහන
  26. ධාතුමන්දිරං - ධාතුමන්දිරය
  27. ලෙඛනං - ලිපිය
  28. ආහාරං - ආහාරය
  29. පත්තං - පාත්‍රය
  30. හත්ථිං - ඇතා
  31. සාමිං - ස්වාමියා
  32. සාරථීං - රියදුරා
  33. සෙටඨං - සිටුතුමා
  34. මන්තිං - මන්ත්‍රිවරයා
  35. සිඛිං - මොනරා
  36. කෙතුං - කොඩිය
  37. සෙතුං - පාලම
  38. ඔදනං - බත
  39. ලහිස්සාමි - ලබන්නෙමි
  40. ගමිස්සාමි - යන්නෙමි
  41. වසිස්සාමි - වසන්නෙමි
  42. භායිස්සාමි - භයවන්නෙමි
  43. ජානිස්සාමි - දැනගන්නෙමි
  44. දදිස්සාමි - දෙන්නෙමි
  45. ජීවිස්සාමි - ජීවත් වන්නෙමි
  46. පානියං - පැන්
  47. සිප්පං - ශිල්පය      

 (ඔබට අවශ්‍ය පාඩම් ඇත්නම්පහතින් අදහස් දක්වන්න.)

සරලව මුල සිට පාලි ඉගන ගත හැකි පාඩම් මාලාව PDF  ඩවුන්ලොඩ් කරගන්න

පාලි පාඩම් බා ගන්න
1 පාඩම - පාලි වාක්‍ය ගොඩනැගීම 
2 පාඩම - අකාරාන්ත බහු වචන