ඡත්ත මානවකගාථා


යෝ වදතං පවරෝ මනුජේසු - සක්ය මුනිභගවාකත කිච්චෝ
පාරගතෝ බල විරිය සමංගිතං සුගතං සරණත්ථ මුපෙහී
කතාකරන මනුෂ්‍යයන් අතර උත්තම වූ යම් කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ තමයි නිවන් මඟ සම්පූර්ණ කළ ශාක්‍ය මුනින්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ. තමන් වහන්සේගේ ප්‍රඥා බල මහිමයෙන් චතුරංග සමන්වාගත වීර්යයෙන් සංසාරෙන් එතෙරට වැඩියා. අන්න ඒ සුගතයන් වහන්සේ සරණ යන්න.

රාග විරාග මනෙජ මසොකංධම්ම මසංඛත මප්පටිකූලං
මධුරමිමං පගුණං සුවිභත්තංධම්මමිමං සරණත්ථ මුපෙහි


ශ්‍රී සද්ධර්මයෙන් රාගය දුරුවෙනවා. තෘෂ්ණාව නැති, ශෝක නැති , පිළිකුල් රහිත වූ අසංඛත නිවනයි ඒ ධර්මය. මේ ධර්මය මධුරයි. හොඳින් ප්‍රගුණ වෙනවා. විස්තර විභාග සහිතයි. මේ ධර්මයත් සරණ යන්න.

යත්ථ ච දින්නමහප්ඵල මාහුචතුසුසු චීසු පුරිසයුගෙසු
අට්ඨ ච පුග්ගල ධම්ම දසාතේසංඝමිමං සරණත්ථ මුපෙහි

යම් ආර්ය සඟ පිරිසකට දානය පූජා කළ විට මහත්ඵල ලැබෙනවා කියලා කියනවා නම් එසේ වූ උන්වහන්සේලා පාරිශුද්ධ පුද්ගල යුගල වශයෙන් සතරකින් යුක්තයි. ධර්මයේ පිහිටි උන්වහන්සේලා පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙනවා. මේ ආර්ය සංඝරත්නය ද සරණ යන්න.