ශ්‍රී මේධානන්ද දහම් පාසලේ වාර්ෂික අධ්‍යාපන
චාරිකාව පසුගිය මස (සැප්තැම්බර් ) 07 වන ඉරු දින හිමිදිරි පාන්දරින්
අප දහම් පාසලින් පිටත් වුණි. අප ප්‍රථමයෙන්ම ලගා වුයේ මාතර විෂ්ණු මහා දේවාලයටයි.
රාම රාවනා යුගයටත් වඩා ඉතිහාසයක් ඇති ඒ දේව භුමිය නැරබු අපි වෙහෙරහෙන විහාරය වැදපුදගත්තෙමු.
පසුව වැව්රුකන්නල පුදබිමත් මාතර තාරකා කොටුවත් බලාගත්තෙමු. පසුව අපි හෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ
ජන කෞතුකාගාරය නරබන්නට ගියෙමු. පසුව ගාලු කොටුවට පිවිසි අපි තේ පැන්සන්ග්රහයක් භුක්ති
විද ගතේ වෙහෙස නිවාගත්තෙමු. නැවත සතුටු සිතින් අපි සැවොම පානදුර බලා පිටත් වුනෙමු.
ශ්‍රී මේධානන්ද දහම් පාසලේ සියලු දු දරුවන් පසු ගිය ජුලි 27 වන දින
පානදුර පින්වත්තේ පිහිටි “ආලෝකා වැඩිහිටි නිවාසයට” ගිහින් ඒ අසරණ වැඩිහිටියාගේ
දුක සැප බෙදා ගත්තා. මේ පිංකම මේධානන්ද දහම් පාසලේ දු දරුවන් වාර්ෂිකව සිදුකරගෙන
එන උතුම් පුණ්‍ය කටයුත්තක්. දරුවන්ට පන්ති කාමරයේදී උගන්වන දේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක
කල යුතු ආකාරය පිලිබදව අවබෝධයක් ලබා දීමට ආචාර්යවරුන් ගත් උත්සාහයේ ප්‍රතිපලයකි
මේ.යෝ වදතං පවරෝ මනුජේසු - සක්ය මුනිභගවාකත කිච්චෝ
පාරගතෝ බල විරිය සමංගි – තං සුගතං සරණත්ථ මුපෙහී
කතාකරන මනුෂ්‍යයන් අතර උත්තම වූ යම් කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ තමයි නිවන් මඟ සම්පූර්ණ කළ ශාක්‍ය මුනින්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ. තමන් වහන්සේගේ ප්‍රඥා බල මහිමයෙන් චතුරංග සමන්වාගත වීර්යයෙන් සංසාරෙන් එතෙරට වැඩියා. අන්න ඒ සුගතයන් වහන්සේ සරණ යන්න.
රාග විරාග මනෙජ මසොකං – ධම්ම මසංඛත මප්පටිකූලං
මධුරමිමං පගුණං සුවිභත්තං – ධම්මමිමං සරණත්ථ මුපෙහි
අද අප භාවිත කරන්නේ බටහිරයන්ගේ දිනය දැමීමේ ක්‍රමය (ක්‍රිස්තු වර්ෂ) වන අතර, සිංහල බෞද්ධයාගේ දිනය දැමීමේ ක්‍රමය වන්නේ බුද්ධ වර්ෂ හෝ ශක වර්ෂ (සිංහල අවුරුද්ද) ක්‍රමයයි. සිංහල වර්ෂ ක්‍රමය අද භාවිතයේ නොමැති නිසාම, බොහෝ දෙනෙක් මෙම ක්‍රමය වැරදියට යොදා ගනු පෙනේ. උදාහරණයක් ලෙස ඇතැම් අය සිතා සිටින්නේ "උඳුවප්" මාසය හා "දෙසැම්බර්" මාසය හරියට ම සමපාත වන බවයි. මේ අනුව "2012 දෙසැම්බර් 01" යන දිනය, ඔවුහු "බුද්ධ වර්
ෂ 2556 උඳුවප් මස 01 වැනිදා" ලෙස ලියති. මෙය වැරදිය. මේ පිළිබඳ නිවැරදි විස්තරයක් දෙන නිමේෂ් ජානක මහතා විසින් ලියන ලද ලිපියක් "සිංහල බෞද්ධයා" වෙබ් අඩවියේ පලවී ඇත. ඔබ සැමගේ දන ගැනීම පිණිස අපි එය මෙසේ පල කරමු.
‘ මහියංගණං නාගදීපං කල්යාවණං පද ලාංඤඡනං - දිවාගුහං දීඝවාපී චේතියංච
මුතිංගණං - තිස්ස මහා විහාරංච බෝධිං මරිචවට්ටියං - සොණ්ණමාලී මහා චේතිං
ථූපාරාම භයාගිරිං - ජේතවනං සේල චෙත්යංහ තථා කාචරගාම කං - ඒතේ සොළොසඨානානී
අහං වන්දාමි සබ්බදා’මෙම ගාථාවට අනුව සොළොස්මස්ථාන ලෙස හඳුන්වන්නේ
මෙම සොළොස්මස්ථාන පිළිබද තොරතුරු එක්රැස් කරගන්නා ලද්දේ බුදුසරණ පුවත්පතෙනි.
- දහම් පාසලක් යනු.
ධර්මය උගන්වන සහ ධර්මය ඉගෙන ගන්නා ආයතනයකි, දහම් පාසල. කුඩා අවදියේ සිට බෞද්ධ දුවාදරුවන් ට බුදුදහම සහ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ඇතිකිරීම දහම් පාසල තුළින් බලාපොරොත්තු වන ප්‍රධාන කරුණකි. දහම් අධ්‍යාපනය ලබන දරුවන් ට ජීවිතය සහ ජීවිතයේ යථා ස්වරූපය පැහැදිලි ලෙස අවබෝධ කරවීම දහම් පාසලකින් විය යුතු ප්‍රධාන වගකීමකි.
- දහම් පාසලක තිබිය යුතු අරමුණු.
බුදුදහමේ හරය පිළිබඳ බෞද්ධ දරුවා තුළ පැහැදිලි ආකල්පයක් ගොඩනැගිය යුතු ය. හරය නිස්සාරවත් නම්, ශක්තිමත් නැති නම්, වටේ ඇති දෙය කොපමණ අලංකාර කළ ද, පිරිසිඳු කළ ද, එයින් පලක් නැත. කුඩාකල සිට දහම් පාසල වෙත පැමිණ දහම් අධ්‍යාපනය ලබාගන්නා දරුවා තුළ යම් ආකාරයක වැරදි ආකල්පයක් ඇති වුවහොත් හෝ ඇති කළහොත් එය එ ම දරුවා ගේ ජීවිත කාලය පුරාවට ම දැඩි ලෙස බලපෑමක් එල්ල වනු ඇත. කුඩා කල සිට ගසකට වැඩීම සඳහා අවැසි ජලය, වාතය, හිරු එළිය ආදී දෑ නිසි කල ට නිසි ලෙස ලැබුණහොත් එය අනාගතයේ සාරවත් දැවැන්ත වෘක්ෂයක් බවට පත්වනු ඇත. කුඩාකල සිට ම බුදුදහමේ හරය ක්‍රමානුකුල ලෙස දරුවන් වෙත කියා දීම දහම් අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණකි.
සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන්
සැනැහෙන අප සිරි ලක් දරුවෝ //
දහම් පාසෙල් සෙවනෙහි වැඩෙමින්
උදාර ගුණදම් සිත දැරුවෝ //
පස් පවු දස අකුසල් දුරලා
ඉසිකෝමන් හැම බිද හැරලා
මෙත් කරුණා මුදිතාදී මුනි ගුණ
සපුරා පිළිවෙත් මග සරසා //
සැනැහෙන අප සිරි ලක් දරුවෝ //
දහම් පාසෙල් සෙවනෙහි වැඩෙමින්
උදාර ගුණදම් සිත දැරුවෝ //
පස් පවු දස අකුසල් දුරලා
ඉසිකෝමන් හැම බිද හැරලා
මෙත් කරුණා මුදිතාදී මුනි ගුණ
සපුරා පිළිවෙත් මග සරසා //
දහම් පාසල් අවසාන විභාග පසුගිය ප්‍රශ්න පත්‍ර
දහම් පාසල් විභාග පසු ගිය ප්‍රශ්න පත්‍ර
daham pasal awasana exam past papers
මෙතනින් බා ගන්න CLICK HEAR
මල් පහන් පූජා කිරීම, තෙරුවන් වන්දනා කිරීම හා උදේ රැස්වීමේ වැඩසටහන.
චෛත්‍යය, බෝධීන් වහන්සේ හෝ බුදු මැදුර අබියස.
· එක් එක් ශ්‍රේණි වල සිසුන් පේළියට තබන්න.
· සෑම සිසුවෙකු ලවාම තමන් රැගෙන ආ මල් දෝතින් පූජා කරවන්න.
· මල් පූජා කර අවසන් වනතුරු සියලු දෙනා එක්ව මේ කවි ගයනා කරන්න.
සෙත් සිරි දෙන මහ ගුණ මුහුදාණන්
සත් හට වන බව දුකට වෙදාණන්
තිත්ගනඳුරු දුරලන දිනිදාණන්
සිත සතොසින් නමදිම් මුනිදාණන්
Sri Medhananda Dhamma School This is a Sunday school for lay students. Presently there are about 150 students receiving Dhamma education in this school. This is conducted by a qualified and experienced tutorial staff. Through this noble service, priority has been given to inculcating good human qualities in the students thereby promoting social and religious harmony with a view to creating a highly disciplined, amiable and peace-loving society besides imparting a sound knowledge of the Buddhist teaching and the Pali language...
Sri Medhananda Memorial Library The present library contains a large collection of Dhamma books ranging from Pali canons to modern research works by eminent scholars. Due to various shortcomings and lack of infrastructure facilities such as accommodation, book racks, paper stands, study tables and chairs, it has been difficult for the students to fully harness the resources available...
Labels
.




.jpg)





