.jpg)
වැඩිහිටි නිවාස එන්න එන්නම සමාජය තුල වැඩි වෙමින් පවතින අභාග්‍ය සම්පන්න
යුගයකි මේ. මිනිසා මොනතරම් දුරට විද්‍යාව
තුලින් ඉහලට ගියද සාරධර්ම අතින්නම් සිටින්නේ අභාග්‍ය සම්පන්න තැනක ය. යහපත් දරුවකු
යනු අධ්‍යාපනයේ ඉහලටම ගොස් විශාල පඩිපතක් මාසේ අන්තිමට අතට ගන්නා යන්තරයක් වැනි
අයෙකුට නම් නොවේ. යහපත් දරුවකු යනු සංවේදී දරුවෙකි. ආදරය,දයාව,සෙනෙහස,කරුණාව,ඉවසීම,අවබෝධය,සංවරබව ආදී යහපත් ගුණාංග
වලින් යුක්ත දරුවන් අද අපේ සමාජයට අවශ්‍යව ඇත. පුංචි මල් කකුළුවන් අපේ මේ පුංචි
පරම්පරාවේ ලස්සන සිත්වලට සංවේදී බව එකතු කරන්න මේධානන්ද දහම් තොටුපලේ එක්
උත්සාහයකි මේ උතුම් පුණ්‍ය කටයුත්ත.
ගෞරවනීය ස්වාමින්වහන්සේලා පිරිත් දේශනා කරලා ඒ අහිංසක අම්මල,තාත්තල ලගට ගිහින් පිරිත් නුල් බැදලා ආශීර්වාද කළා. පසුව දු දරුවන් ඒ
අම්මලා, තාත්තලා එක්ක ගීතයක්
දෙකක් ගයනා කරලා දුකින් විදවන ඒ සිත්වල දුක තුනි කරන්නට උත්සහ ගත්තා.
දරුවන්ගේ දෑතින්ම ඔවුන්ට දහවල් දනයද බෙදුවා.
දහවල් දානයත් බෙදල ඒ අයත් එක්ක සුව දුක් කතා කරලා අපි ආවෙමු. අපි එනකොට ඒ
අම්මලගේම ළමයි ඇවිල්ල යනකොට වගේ දැනෙන්න ඇති. එත් අපිට ඒ අම්මල ලග හැමදාම ඉන්න
පුලුවන්ද....ඒ දෙනෙත්වල තිබුණු කදුළු, ඒ සිත්වල තිබුණු හැගීම් තේරුම් ගන්න කාටනම් පුළුවන් ද?
එන්න හදනකොට අපි මේවගේ ටිකකුත් දැක්ක දැන්වීම් පුවරුවේ....
අයෙත් දවසක නැවතත් එන පොරොන්දුවෙන් අපි ඒ වැඩිහිටි නිවාසයෙන් දරුවන් සමග පිට උනෙමු.
එන්න හදනකොට අපි මේවගේ ටිකකුත් දැක්ක දැන්වීම් පුවරුවේ....
අයෙත් දවසක නැවතත් එන පොරොන්දුවෙන් අපි ඒ වැඩිහිටි නිවාසයෙන් දරුවන් සමග පිට උනෙමු.
අසරණයින්ට පිහිට වෙමු. අපිත් සංසාරේ කොතරම් නම් අසරණ වෙලා ඇත්ද...සංසාරේ
විතරක් නෙමෙයි මේ ජීවිතේම මොනතරම් අසරණ වෙලා ඇත්ද....අසරණ වුනහම සිත ශක්තිමත්
කරගන්න අනිත් යට උදව් කරමු. එක් වෙන්න අපි සමග.